නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත යන්නෙහි තේරුම:

නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත යන්නෙහි තේරුම:

”නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත” යන්නෙහි මහිමය:

දේවදූත මුහම්මදාණෝ මෙලෙස දේශනා කළෝය.«ඉස්ලාමය පංචමහප‍්‍රතිනියතකින් සමන්විත වේ. 1. අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වය හිමි බවට සාක්ෂි දැරීම සහ මුහම්මදාණෝ උතුමාණන්ගේ ගැත්තා යනුවෙන් ද දූතයාණන් යනුවෙන් ද සාක්ෂි දැරීම, 2. නමස්කාරය ඉටු කිරීම, 3. සරණදීමනාව ලබා දීම, 4. රමලාන් උපවාසය ඉටු කිරීම, 5. හජ් කර්තව්‍යය»(-මූලාශ‍්‍රය - බුහාරි)

දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය.«මා හා මට පෙර පහළ වූ දේවදූතයින්ගේ පණිවුඩය වූයේ අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ උන්වන්සේ හැර නැමදීමට කිසිවක් හෝ කිසිවෙක් නොමැත යන්න ය. එමෙන් ම ඔහු ඒකීය යන්න හා සියලූ පාලන තන්ත‍්‍රයන්හි අධිකාරත්වය, බලය සහ පැසසුම හිමිවන්නේ ද උන්වන්සේට පමණකැයි යන ප‍්‍රවෘත්තිය ජනතාවට හෙළි කළෝය» (මූලාශ‍්‍රය - තිර්මිදි)

දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය.«දෙවිඳාණන්ගේ දූතයෙක් වන නෝවාතුමාණන් (නූහ්තුමාණන්) ඔහුගේ මරණ මංචකයේ දී තම පුතුන් දෙදෙනා කැඳවා අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ උන්වන්සේ හැර නැමදීමට කිසිවෙක් නොමැත, යන්න සාක්ෂි දරන මෙන් අණ කළේය. අහස් කුසවල් හත සහ පොළෝතලයන් හත තරාදියක එක් පැත්තකින් ද, අල්ලාහ් දෙවිඳාණන්ට හැර නැමදීමට කිසිවෙක් නොමැත යන ප‍්‍රතිඥාව තරාදියේ අනෙක් පැත්තෙහි ද තැබුවේ නම් මහප‍්‍රතිඥාවෙහි කොටස ඝනත්වයෙන් පහළ යන්නේය. යනුවෙන් පැවසුවේය» (-මූලාශ‍්‍රය - බුහාරි)

අල්ලාහ් දෙවි`දාණන්ට හැර නැමදීමට කිසිවෙක් නොමැත යන ප‍්‍රතිඥාවෙන් ස්වර්ගය අලංකාර වන්නේය.නිරයෙහි ගිනිදැල් බුරබුරා න`ගින්නේය. දෙවිඳාණෝ යන්නෙහි තේරුම:

දෙවිඳාණෝ යන්නෙහි තේරුම:

දෙවිඳාණෝ: පිරිනමනු ලැබූ අණපනත් වලට අවනත වී නැමදීමට සුදුසුස්සා වන්නේ දෙවිඳාණන් අල්ලාහ් බව පිළිගැනීමය.{දෙවිඳාණන් නමදින්න උන්වහන්සේට කිසිවක් අදේශ නොතබන්න}[දෙවිඳාණන් නමදින්න උන්වහන්සේට කිසිවක් අදේශ නොතබන්න]

හැඳින්වීම : ඔහු ම ය දෙවි`දාණන් අල්ලාහ්, නැමදීමට සුදුස්සා උතුමාණන් හැර අන් දෙවිකෙනෙක් නොමැත.

මේ පිළිබ`ද දෙවිඳාණෝ වදාළා:{ඔහු ම ය අල්ලාහ් ඔහු හැර නැමදීමට අන් දෙවි කෙනෙකු නොමැත.}
[උතුම් කුරානයේ 59 : 22 වැකියේ කොටසක අදහස]

මෙය ඒකදේවවාදයේ පිවිතුරු ශීර්ෂ පාඨය යි. එමෙන් ම ඉස්ලාමීය මහප‍්‍රතිඥාව යි. ගැත්තන්ට අනිවාර්යය කරනු ලැබූ දෑ වලින් ඉමහත් බවක් උසුලන්නේ ද මෙය යි. ශරීරයේ සිරසට හිමි වන ස්ථානය, දහමින් හිමිවන්නේ මෙම පාඨයට යි.

”නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත” යන්නෙහි මහිමය:

”නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත” යන්නෙහි මහිමය:

දේවදූත මුහම්මදාණෝ මෙලෙස දේශනා කළෝය.«ඉස්ලාමය පංචමහප‍්‍රතිනියතකින් සමන්විත වේ. 1. අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වය හිමි බවට සාක්ෂි දැරීම සහ මුහම්මදාණෝ උතුමාණන්ගේ ගැත්තා යනුවෙන් ද දූතයාණන් යනුවෙන් ද සාක්ෂි දැරීම, 2. නමස්කාරය ඉටු කිරීම, 3. සරණදීමනාව ලබා දීම, 4. රමලාන් උපවාසය ඉටු කිරීම, 5. හජ් කර්තව්‍යය»(-මූලාශ‍්‍රය - බුහාරි)

දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය.«මා හා මට පෙර පහළ වූ දේවදූතයින්ගේ පණිවුඩය වූයේ අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ උන්වන්සේ හැර නැමදීමට කිසිවක් හෝ කිසිවෙක් නොමැත යන්න ය. එමෙන් ම ඔහු ඒකීය යන්න හා සියලූ පාලන තන්ත‍්‍රයන්හි අධිකාරත්වය, බලය සහ පැසසුම හිමිවන්නේ ද උන්වන්සේට පමණකැයි යන ප‍්‍රවෘත්තිය ජනතාවට හෙළි කළෝය» (මූලාශ‍්‍රය - තිර්මිදි)

දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය.«දෙවිඳාණන්ගේ දූතයෙක් වන නෝවාතුමාණන් (නූහ්තුමාණන්) ඔහුගේ මරණ මංචකයේ දී තම පුතුන් දෙදෙනා කැඳවා අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ උන්වන්සේ හැර නැමදීමට කිසිවෙක් නොමැත, යන්න සාක්ෂි දරන මෙන් අණ කළේය. අහස් කුසවල් හත සහ පොළෝතලයන් හත තරාදියක එක් පැත්තකින් ද, අල්ලාහ් දෙවිඳාණන්ට හැර නැමදීමට කිසිවෙක් නොමැත යන ප‍්‍රතිඥාව තරාදියේ අනෙක් පැත්තෙහි ද තැබුවේ නම් මහප‍්‍රතිඥාවෙහි කොටස ඝනත්වයෙන් පහළ යන්නේය. යනුවෙන් පැවසුවේය» (-මූලාශ‍්‍රය - බුහාරි)

අල්ලාහ් දෙවි`දාණන්ට හැර නැමදීමට කිසිවෙක් නොමැත යන ප‍්‍රතිඥාවෙන් ස්වර්ගය අලංකාර වන්නේය.නිරයෙහි ගිනිදැල් බුරබුරා න`ගින්නේය. ‘‘අල්ලාහ් දෙවි`දාණන් හැර නැමදීමට කිසිවෙක් නොමැත’’ යන ප‍්‍රතිඥාවෙහි කොන්දේසි:

‘‘අල්ලාහ් දෙවි`දාණන් හැර නැමදීමට කිසිවෙක් නොමැත’’ යන ප‍්‍රතිඥාවෙහි කොන්දේසි:

1 දැනුම යන්නෙහි තේරුම

මෙම ප‍්‍රතිඥාව ලබා දෙන්නා එහි තේරුම වටහා ගත යුතුය. එම`ගින් දෙවි`දාණන් අල්ලාහ්ගේ දේවත්වය ස්ථිර කරන අතර උන්වහන්සේ හැර අනෙකුත් මිත්‍යා දෙවිවරුන් නැමදීමට සහ විශ්වාස කිරීම ප‍්‍රතික්ෂේප කරනු ලැබෙන්නේය.{දැනගන්න, නියතවශයෙන් ම අල්ලාහ් හැර (වෙනත්) දෙවියෙකු නැතැ. }[උතුම් කුරානයේ 47 : 19 වැකියේ කොටසක අදහස]

2. ස්ථිරභාවය.

මෙම ප‍්‍රතිඥාව ලබා දෙන්නාගේ සිතෙහි සැකයක් හෝ සැකයට තුඩු දෙන කරුණක් ඇති නොවිය යුතුය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{‘‘(සැබෑ) දේව ඇදහිලිවන්තයින් නම් දෙවිඳාණන් සහ උන්වහන්සේගේ දේවදූතයා විශ්වාස කර ඉන්පසුව (ඒ ගැන) සැක නොකර තම ධනයෙන් ද තම දිරියෙන් ද දෙවිඳාණන්ගේ මාර්ගයේ සටන් කළ අය යි. ඔවුහු ම ය සත්‍යවාදීහු.}[උතුම් කුරානයේ 49 : 15 වැකියේ අදහස]

දේවදූත මුහම්මදාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය. «අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ මුහම්මදාණෝ යනු උන්වහන්සේගේ දේවදූතයාණන් බව කවරෙකු සැකයකින් තොරව සාක්ෂි දරන්නේ ද ඔහු ස්වර්ගයට පිවිස දෙවිඳාණන් මුණගැසෙන්නේය»(මූලාශ‍්‍රය - මුස්ලිම )

3 දිවෙන් සහ හදවතින් මෙම ප‍්‍රතිඥාව පිළිගැනීම.

පිළිගැනීම යනු අහංකාරයෙහි සහ ප‍්‍රතික්ෂේප කිරීමෙහි විරුද්ධ පදය යි. මේ පිළිබඳ දෙවි`දාණෝ වදාළා :

{නියතවශයෙන් ම අපි අපරාධකාරයින් සමඟ කටයුතු කරනුයේ මෙලෙස ය. අල්ලාහ් හැර (වෙනත්) දෙවියෙකු නැතැයි ඔවුනට පවසනු ලැබූ විට නියතවශයෙන් ම ඔවුහු උඬඟු වන්නෝය}
[උතුම් කුරානයේ 37 : 34 - 35 වැකිවල අදහස්]

4. එමඟින් හඟවන දේ පිළිගැනීම.

එනම් ගැත්තෙක් දෙවිඳාණන් අණ කළ ආකාරයට නමස්කාර කරන පුද්ගලයෙකු හැටියට පත්වීම සහ උන්වහන්සේ තහනම් කළ ක‍්‍රියාවන් වලින් වැළකී සිටීමය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{යමෙක් යහකම් කරමින් තමන්ගේ මුහුණ අල්ලාහ් වෙත අවනත කරවන්නේ ද නියතවශයෙන් ම ඔහු නොසැලෙන (ශක්තිමත් කඹයක්) මිටකින් ග‍්‍රහණය කර ගත්තේය. සෑම කටයුත්තක ම අවසාන (තීරණ)ය දෙවිඳාණන් කෙරෙහි ය}
[උතුම් කුරානයේ 31 : 22 වැකියේ අදහස]

ගැතිභාවය යනු උන්වහන්සේ නැමදීමට මිනිසෙකුගේ හෘදයෙහි ඇතිවන ආලය යි. ගැතිභාවය අන්තර්ගත වනුයේ උන්වහන්සේ නමස්කාර කිරීම තුළ ය. කවරෙකු දෙවි`දාණන්ට ගැති වී යටත් වන්නේ ද ඔහු උන්වහන්සේගේ සත්‍ය දේවගැත්තා ය.

5. සත්‍යතාවය

එනම් මෙම ප‍්‍රතිඥාව පුද්ගලයෙකු තම හදවතින් සත්‍ය කළ යුතුය. මෙලෙස ප‍්‍රතිඥා ලබා දෙන විට ඔහුගේ දිව සහ හදවත එක්ලැස් විය යුතුය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{අපි අල්ලාහ් ගැන ද පරමාත්ත දිනය ගැන ද විශ්වාස කර ඇත්තෙමුයි කියන අය මිනිසුන් අතර සිටිති. නමුත් ඔවුහු (නියතවශයෙන් ම) විශ්වාස කරන්නන් නොවෙති. ඔවුහු (මෙලෙස පවසමින්) දෙවිඳාණන් ද විශ්වාසිකයින් ද මුළා කරති. නමුත් (මෙමඟින්) ඔවුහු තමන් විනා (අන් කිසිවෙක්) මුළා කර නො ගනිති. (නමුත් ඒ බව) ඔවුහු වටහා නො ගනිති}
[උතුම් කුරානයේ 02 : 8-9 වැකිවල අදහස්]

6 පිවිතුරු චේතනාව

මෙම වදනින් බලාපොරොත්තු වනුයේ දෙවි`දාණන්ගේ තෘප්තිය යි.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{දහම ඔහුට පමණක් අවංකත්වය හිමිකර දෙමින් පිවිතුරු චේතනාවෙන් යුතුව දෙවිඳාණන්ට නැමදුම් කරන ලෙසත් සලාතය ස්ථාපනය කරන ලෙසත් සරණ දීමනාව පිරිනමන ලෙසත් විනා (අන් කිසිවක්)ඔවුන්ට අණ කරනු ලැබුවේ නැත. (ඇත්තෙන්ම) එයයි ඍජු ධර්මය වන්නේ.}
[උතුම් කුරානයේ 98 : 05 වැකියේ අදහස]

7. ආදරය යන වදන මෙවන් කොන්දේසි වලට අවනත වී කටයුතු කරන්නන්ට භාවිතා කරනු ලැබේ. එමෙන් ම කවරෙකු මෙම කොන්දේසි කඩ කරන්නේ ද ඔහු දේව උදහසට ලක්වන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{මිනිසුන් අතර අල්ලාහ් හැර උන්වහන්සේට ආදේශ (තබනු ලැබූ දෑ දෙවියෙකු වශයෙන් තෝරා) ගත් අය ද සිටිති. ඔවුහු අල්ලාහ්ට පේ‍්‍රම කරන්නාක් මෙන් ඒවාට ද පේ‍්‍රම කරති. නමුත්, දෙවිඳාණන් අල්ලාහ් විශ්වාස කරන්නන් උතුමාණන්ට පේ‍්‍රම කිරීමෙහිලා ඉතා දැඩිය.}
[උතුම් කුරානයේ 02 : 165 වැකියේ කොටසක අදහස]

දේව ආදරය සහ සෙනෙහස ඔවුන් කෙරහි අධික වන විට ඔවුන්ගේ නමස්කාරයන් හා නිදහස් සුවය ද අධික වන්නේය.

මෙහි අරුත වන්නේ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකුත් නොමැත යන්න ය. එම ප‍්‍රතිඥාවෙහි කොන්දේසි ඔහුගේ විමුක්තියට ද හේතු වන්නේය. ඉස්ලාමීය විද්වතෙකු වන ‘‘හසනුල් බසරි’‘ තුමාණන්ගෙන්, ” අල්ලාහ් දෙවිඳාණන් හැර නැමදීමට සුදුස්සා වෙනත් කෙනෙකු නොවන බව පැවසුවහොත් ස්වර්ගස්ත වන බව පවසති. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද ? යන්න විමසන ලදී. එවිට ඔහු, කවරෙකු අල්ලාහ් දෙවිඳාණන් හැර නැමදීමට සුදුස්සා වෙනත් කෙනෙකු නොවන බව පවසා එහි යුතුකම් නිසි ලෙස ඉටු කරන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇතැයි පිළිතුරු ලබා දුනනේය.”

අල්ලාහ් දෙවිඳාණන් හැර නැමදීමට සුදුස්සා වෙනත් කෙනෙකු නොවන බව පැවසීමෙන් පමණක් මිනිසාට විමුක්තිය ලබා ගත නොහැකිය. ඒ වෙනුවට ඔහු කළ යුත්තේ එහි කොන්දේසි වලට අනුව ක‍්‍රියා කිරීම ය. ඉහත සඳහන් කළ ආකාරයට කවරෙක් ක‍්‍රියාවකින් තොරව එම ප‍්‍රතිඥාව උච්චාරණය කිරීමෙන් පමණක් සීමා වන්නේ ද ඔහු තමාව එම ප‍්‍රතිඥාව තුළ කි‍්‍රයාත්මක කරවන තුරු එම වදනින් කිසිදු ඵල ප‍්‍රයෝජනයක් ඔහුට හිමි නො වන්නේය.

අල්ලාහ් දෙවි`දාණන් හැර නැමදීමට සුදුස්සෙකු නොමැත යන ප‍්‍රතිඥාව කඩ කරන කරුණු

අල්ලාහ් දෙවි`දාණන් හැර නැමදීමට සුදුස්සෙකු නොමැත යන ප‍්‍රතිඥාව කඩ කරන කරුණු

1.ෂිර්ක් (ආදේශ තැබීම.)

අදේශ තැබීමෙන් මිනිසා ඉස්ලාමයෙන් බැහැර වන්නේය. කවරෙකු ආදේශ තබන්නෙකු හැටියට මියයන්නනේ ද ඔහුට දෙවිඳාණන්ගෙන් සමාව නො ලැබෙන්නේය. එය උන්වහන්සේගේ දේවත්වයෙහි, නමස්කාරයෙහි, ‘‘රුබූබිය්යත්’’හි සහ ගුණාංගන්හි අදේශ තැබීමක් වන්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{නියතවශයෙන් ම දෙවිඳාණන් උන්වහන්සේට ආදේශ කරනු ලැබීම ක්ෂමා නොකරන අතර වෙනත් දෙයෙහි තමාට අභිමත වූ කෙනෙකුට ඔහු සමාව දෙයි. කවරෙකු දෙවිඳාණන්ට ආදේශ කරන්නේ ද නියතවශයෙන් ම ඔහු අන්ත මුළාවෙහි මුළා විය}
[උතුම් කුරානයේ 04 : 116 වැකියේ අදහස]

ප‍්‍රාර්ථනා කිරීමේ දී එම ගුණාංගයන් සහ නාමයන් මගින් දෙවිඳාණන් ආමන්ත‍්‍රණය කිරීම යෝග්‍ය වන්නේය. එම ප‍්‍රාර්ථනාවන් අනුමත කරන ලද ප‍්‍රාර්ථනාවන් විය යුතුය. දෙවිඳාණන් මේ පිළිබඳ වදාළ ආකාරය උතුම් කුරානයේ අපට දැක ගත හැකිය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් උන්වහන්සේ එමගින් ආමන්ත‍්‍රණය කරනු. උන්වහන්සේගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත} [උතුම් කුරානයේ 07 : 180 වැකියේ අදහස]

-අබූ හනීෆා තුමාණන් පැවසුවේය

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:

{ඔබ ආදේශ තබන්නේ නම්, නුඹගේ ක‍්‍රියාවන් නිෂ්පල වනු ඇත. තවද නුඹ පරාජිතයින්ගෙන් කෙනෙක් වන්නේ යැයි ඔබට ද ඔබට පෙර සිටි අයට ද නියතවශයෙන් ම දේව පණිවිඩ කරනු ලැබීය. එනිසා ඔබ අල්ලාහ් පමණක් අදහන්න. ගුණ ගරුක වන්න}
[උතුම් කුරානයේ 39 : 65 - 66 වැකිවල අදහස්]

2. කවරෙක් දෙවිඳාණන් සහ ඔහු අතර තැරැව්කරුවෙකු ඇතිකර එම තැරව්කරුවාගෙන් පිහිට පතා, ඔහු කෙරෙහි විශ්වාසය තබා නමස්කාරයන් මගින් දෙවිඳාණන් කරා සමීප වීමට වෙර දරන්නේ ද එමගින් නැමදීමට සුදුස්සා දෙවිඳාණන් අල්ලාහ් හැර අන් කිසිවෙකුත් නොමැත යන සංකල්පය බිඳී යන්නේය.

3. ඉස්ලාමය තුළ ජීවත් වන පුද්ගලයෙක්, දෙවිඳාණන්ට ආදේශ තබන්නන්ගේ ක‍්‍රියාකලාපයන් ප‍්‍රතික්ෂේප නොකර ඔවුන්ගේ එම කි‍්‍රයාවන් නිවැරැදි දෝ යැයි දෙගෙඩියාවකින් පසුවන්නාට සහ දෙවිඳාණන්ගෙන් තොරව නැමදීමට පාත‍්‍ර වන දේ කෙරෙහි, නැමදුම් කෙරෙහි, යුදෙව් ක‍්‍රිස්තියානි සහ පිළිම වන්දානාකරුවන්ගේ ඇදහීම් කෙරෙහි හෝ ඔවුන්ගේ නිරාවාසය පිළිබඳ සැකයෙන් පසුවන්නාට එවැනි ප‍්‍රතික්ෂේප කරන්නන්ගේ ක‍්‍රියාවන් ප‍්‍රතික්ෂේපිත යැයි සාධක සහිත ව ස්ථිර කිරීමෙන් අනතුරුව ද එය සත්‍ය යැයි පැවසුවේ නම් ඔහු ප‍්‍රතික්ෂේපකයින්ගේ ගනයට අයත් වන්නේය.

4. දේවදූත මුහම්මදාණන්ගේ මගපෙන්වීමට වඩා අනෙකුත් ශාස්තෘවරුන්ගේ මගපෙන්වීම නිවැරැදි යැයි ද දෙවිඳාණන් අණ කළ ශික්ෂා සංග‍්‍රහයට වඩා අනෙකුත් ශික්ෂා සංග‍්‍රහයන් අගනේ යැයි ද කවරෙක් විශ්වාස කරන්නේ නම් ඔහු ප‍්‍රතික්ෂේපකයින්ගේ ගනයට අයත් වන්නේය. කිම ද යත් ඔවුන් ඉස්ලාමීය නීතිමාලාවට වඩා පාරම්පරික ව පැවත ආ නීතිමාලාව අගනේ යැයි පවසන නිසාවෙනි. එසේත් නොමැති නම් ඔවුන්ගේ නීති මාලාව යොග්‍ය යැයි හෝ ඉස්ලාමීය නීති මාලාවට එම ව්‍යවස්ථාවන් සමාන යැයි ද පිළිගනිති. මෙම කරුණු සියල්ලක් ම දෙවිඳාණන් ප‍්‍රතික්ෂේප කිරීමේ ගනයට අයත් වන්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{කවරෙකු දෙවිඳාණන් විසින් එවන ලැබූ (නීතිය) අනුව විනිශ්චය නො කරන්නේ ද ප‍්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය}[උතුම් කුරානයේ 05 : 44 වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමි, ඔවුන් තමන් අතර ඇති වූ ආරාවුලට (දේවදූත මුහම්මදාණන්) විනිශ්චයකරු වශයෙන් පත්කර ඉන්පසු ඔහු තීරණය කළ දෑ ගැන ඔවුන්ගේ සිත්වල කිසිදු කනස්සල්ලක් නොමැති ව මුළුමණින් ම එයට අවනත වනතුරු ඔවුහු දේව විශ්වාසවන්තයින් නොවෙති}[උතුම් කුරානයේ 04 : 65 වැකියේ අදහස]

5. දේව¥ත මුහම්මදාණන් ගෙන ආ දෑ කවරෙක් පිළිකුලෙන් අනුගමනය කරන්නේ ද ඔහු ප‍්‍රතික්ෂේපකයින්ගේ ගනයට අයත්වන්නේය. කවරෙක් පිළිකුලෙන් නමස්කාර කරන්නේ ද ඔහු ද ප‍්‍රතික්ෂේපකයින්ගේ සමුදායට අයත් වන්නේය. මන් ද යත් ඔහු දෙවි`දාණන්ගේ අණසක වලට අවනත වීමට ප‍්‍රිය නොකරයි. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැත යන ප‍්‍රතිඥාවෙහි මූලික කොන්දේසියක් වන්නේ දෙවි`දාණන්ගේ පෙදෙසින් පැමිණි සියලූ දේ කෙරෙහි පි‍්‍රය වීම ය. දේව¥ත මුහම්මදාණන් රැගෙන ආ දෑ කවරෙකු පිළිකුල් කරන්නේ ද ඔහු දේව¥ත මුහම්මදාණන් උන්වහන්සේගේ ¥තයෙක් වන වග සත්‍ය නො කරන්නේය.

6. දෙවිඳාණන් පහළ කළ ශික්ෂා සංග‍්‍රහයෙන් මදක් හෝ දණ්ඩ නීති සංග‍්‍රහය පිළිබඳ කවරෙක් හාස්‍යයට ගන්නේ ද ඔවුහු ද ප‍්‍රතික්ෂේපකයින්ගේ පිරිවරට අයත් වෙති. මන් ද ඔවුහු මෙම දහම ගෞරව නො කළෝය. මෙම දහම ගෞරව කිරීමේ වගකීම සහ එහි ඉගැන්වීම් ගෞරව කිරීමේ වගකීම ඔවුනට අනිවාර්යය වන්නේය. දෙවිඳාණන් විසින් යම්කිසි නීතිමාලාවන් මිනිස් සංහතියට අනිවාර්යය කරන ලදී. එමෙන් ම පූර්වයේ (මු:මින්වරුන්) සත්‍ය දේවඇදහිලිවන්තයින් ලෙස සිටි ඔවුහු දේවදූතයාණන් සහ එතුමාණන්ගේ මිත‍්‍රයින් හාස්‍යයට ලක් කිරීමෙන් ආදේශ තබන්නන්ගේ ගණයට ඇදවැටුනෙහුය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{දේවදූත මුහම්මද්, ඔබ ඔවුන්ගෙන් විමසුවා නම්, අපි හුදෙක් විහිලූ තහලූ කරමින් ප‍්‍රීති වෙමින් සිටියෙමු යැයි ඔවුන් නියතවශයෙන් ම කියනු ඇත.දෙවිඳාණන්ට ද උන්වහන්සේගේ වදන්වලට ද උතමාණන්ගේ දූතයාට ද නුඹලා සමච්චල් කරනුයේ යැයි ඔවුනට පවසනු. (දැන්) නිදහසට කරුණු නොකියනු. නුඹලා විශ්වාස කිරීමෙන් පසුව නියතවශයෙන් ම ප‍්‍රතික්ෂේප කළාහුය} [උතුම් කුරානයේ 09 : 65 - 66 වැකිවල අදහස්]

ආරම්භයේ සත්‍ය දේව ඇදහිලිවන්තයින් ලෙස සිට ආදේශ තබන්නන්ගේ පිරිවරට එකතු වූ පුද්ගලයින් පිළිබඳ දෙවිඳාණන් වදාළේ මෙලෙස ය.{නුඹලා විශ්වාස කිරීමෙන් පසුව නියතවශයෙන් ම ප‍්‍රතික්ෂේප කළාහුය}
[උතුම් කුරානයේ 09 : 66 වැකියේ කොටසක අදහස]

පූර්වයේ දේවවිශ්වාසයේ ස්ථිර ව සිටි උදවිය, දේවදූතයාණන් සහ එතුමාණන්ගේ මිත‍්‍රයින් හාස්‍යයට ලක් කර ආදේශ තබන්නන්ගේ ගණයට ඇදවැටීමෙන් දුෂ්කර මාර්ගයක ගමන් කිරීමට සිදුවිය.

7. හූනියම් සහ කොඩිවින

එය ශක්තිමත් ගැටයකි. එම`ගින් සිතට සහ ශරීරයට බලපෑම් කළ හැකිය. ඝාතනවලට, ස්වාමියා සහ බිරි`ද අතර භේදබින්න ඇති කිරීමට ද එය පොළඹවන්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{(දේව විශ්වාසය වෙනුවට) එය (හූනියම් ශාස්ත‍්‍රාදිය) යමෙකු (මිල දී) ගන්නේ ද ඔහුට පරලොව දී කිසිම සෙතක් නොලැබෙනු ඇතැයි ඔවුහු ඉතාමත් පැහැදිලිවම දැන සිටියහ}
[උතුම් කුරානයේ 01 : 102 වැකියේ කොටසක අදහස]

එනම් කොටස{“(මෙමගින්) ප‍්‍රතික්ෂේප නොකරන්නැයි. ප‍්‍රකාශ කරමින් කිසිවෙකුටත් එම (සුර¥තවරු) දෙදෙනා එය නො ඉගැන්වූහ}
[උතුම් කුරානයේ 01 : 102 වැකියේ කොටසක අදහස]

දේව¥ත මුහම්මදාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය.«ඔබලා විනාශ මුඛයට ඇද දමන මහා පාපයන් හතෙන් වැළකි සිටින්න. එවිට මිනිසුන්, දේව¥තයාණෙනි, ඒවා කුමක් ද? යන්නෙන් විමසුවෝය. එවිට එතුමාණෝ, දෙවි`දාණන්ට අදේශ තැබීම, හූනියම් කොඩිවින කිරීම, අසාධාරණ ලෙස මිනිසුන් ඝාතනය කිරීම, පොලිය ගැනීම, අනාථයින්ගේ දේපළ සූරා කෑම, යුද්ධයක දී පිටුපා පැන යෑම සහ සත්‍ය දේවඇදහිලිවන්ත කාන්තාවන්ගේ පතිවත පිළිබ`ද කූටාරෝප නැ`ගීම යන මෙම කරුණු මහා පාපයන් වන්නේය»
(මූලාශ‍්‍රය : බුහාරි)

දේව¥ත මුහම්මදාණෝ ප‍්‍රකාශ කළෝය. «කවරෙක් ගැටයක් ගසා එහි පිඹින්නේ ද එම`ගින් ඔහු හූනියම්කරුවෙකු වන්නේය. හූනියම් කරන්නා දෙවි`දාණන්ට ආදේශ තබන්නන්ගේ සමූහයෙන් කෙනෙකු වන්නේය. එලෙස ම කවරෙක් තම ගෙලෙහි සුර එල්ලා ගන්නේ ද ඔහු ද ආදේශ තබන්නන්ගේ පිරිසට අයත් වන්නේය»(මූලාශ‍්‍රය : නසාඉ)

හූනියම් හි තවත් කොටසක් නම් ජ්‍යෝතිශ්ශාස්ත‍්‍රය යි. එනම් නක්‍ෂත‍්‍ර තාරකාදීන්ගේ ගමන් හා සාපේක්ෂ පිහිටීම ආදිය මිනිසාට, මිනිස් කටයුතුවලට සහ පරිසරයට ඇතැයි කියන බලපෑම් පිළිබඳ පේන බැලීම සහ විශ්වාස කිරීම.

දේවදූත මුහම්මදාණෝ දේශනා කළ බවට අබ්බාස් තුමාණන්ගේ පුත‍්‍රයාණන් මෙලෙස ප‍්‍රකාශ කරයි.

«හූනියම් හි තවත් කොටසක් නම් ජ්‍යෝතිශ්ශාස්ත‍්‍රය යි. එනම් නක්‍ෂත‍්‍ර තාරකාදීන්ගේ ගමන් හා සාපේක්ෂ පිහිටීම ආදිය මිනිසාට, මිනිස් කටයුතුවලට සහ පරිසරයට ඇතැයි කියන බලපෑම් පිළිබඳ පේන බැලීම සහ විශ්වාස කිරීම.

දේවදූත මුහම්මදාණෝ දේශනා කළ බවට අබ්බාස් තුමාණන්ගේ පුත‍්‍රයාණන් මෙලෙස ප‍්‍රකාශ කරයි.» (මූලාශ‍්‍රය : බෛහකී)

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {ඔවුහු කුමනාකාරයෙන් පැමිණිය ද (මොනතරම් දක්ෂයෙක් වුව ද) හූනියම්කරුවෙක් (කිසි දිනක) ජය නොලබන්නේය}[උතුම් කුරානයේ 20 : 65 වැකියේ කොටසක අදහස]

හූනියම් ම`ගින් සිදු කරන තවත් ක‍්‍රියාවක් නම් ආදරය කරන්නන්ගේ දිශාව වෙනස් කිරීමය. එනම් ආදරය කරන්නන් දෙදෙනෙකු අතර ආරවුල් ඇති කර ඔවුන් දෙදෙනාගේ ආදරය වෙනත් අය කරා හැරවීමය.

ඒකදේවවාදය පිළිබ`ද දැනුමෙන් පෝෂණය වීම මිනිසාට හිතකර මෙන් ම ප‍්‍රයෝජනවත් ද වන්නේය. එම`ගින් මනූෂ්‍යයත්වයට අධික උපකාරයන් සහ ප‍්‍රයෝජනයන් හිමිවනු ඇත. මිනිසා අහිතකර දැනුමෙන් පෝෂණය වීමෙන් අධික වන්නේ මනුෂ්‍යයත්වයට අහිතකර බලපෑම් සහ හිරිහැරයන් ය.

8. ආදේශ තබන්නන්ගේ ස්වරූපය සහ මුස්ලිම්වරුන්ට එරෙහි ඔවුන්ගේ උපකාරයන් පිළිබ`ද පහතින් ස`දහන් කරන්නෙමු.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{නුඹලාගෙන් යමෙකු ඔවුන් මිත‍්‍ර පාක්ෂිකයින් වශයෙන් ගත්තේ නම් ඔහු ද ඔවුන්ගෙන් කෙනෙක් වන්නේය.}
[උතුම් කුරානයේ 05 : 51 වැකියේ කොටසක අදහස]

ඔවුන් සමඟ කටයුතු කිරීමේ දී ඔවුහු ආසාධාරණ කි‍්‍රයාවන්වලට පක්ෂපාතී වෙති. මුස්ලිම්වරුන්ට එරෙහි කුමන්ත‍්‍රණ කටයුතුවල නිරත වෙති. එමෙන් ම නපුරුකමින් සහ කුහකකමින් මුස්ලිම්වරුන්ට එරෙහි නොමනා ක‍්‍රියාවන් හි නිරත වෙති.

9 දේව¥ත මුහම්මදාණන්ගේ දහමින් බැහැරවීමට කවරෙකු සිතන්නේ ද ඔහු ද ප‍්‍රතික්ෂෙපකයින්ගේ ගනයට අයත් වන්නේය. සෑම දහමක් ම ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දෙවිඳාණන් විසින් දේව¥ත මුහම්මදාණන්ට පිරිනමනු ලැබුවේ ඉස්ලාම් දහම ය. මෙම දහමෙහි ස්ථිර විශ්වාසයෙන් සිටින්නා පමණි දෙවිඳාණන් විසින් පිළිගනු ලැබෙනුයේ.

{නියතවශයෙන් ම දෙවිඳාණන් විසින් පිළිගනු ලැබූ ජීවන මාර්ගය ඉස්ලාමය යි}
[උතුම් කුරානයේ 05 : 19 වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{යමෙක් ඉස්ලාම් නොවන වෙනත් දහමක් සොයන්නේ ද ඔහුගෙන් එය කිසි විටෙක පිළිගනු නො ලබන්නේය. තවද ඔහු පරලොව දී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ}
[උතුම් කුරානයේ 05 : 85 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{නුඹලා (අවංක ලෙස) දෙවිඳාණන්ට ඇළුම් කරන්නාහු නම්, මා අනුගමනය කරනු. (එවිට) දෙවිඳාණන් නුඹලා ඇළුම් කරයි.එමෙන් ම නුඹලාට නුඹලාගේ පාපයන් සඳහා සමාව ද ලබාදෙන්නේය. දෙවිඳාණන් අති ක්ෂමාශීලී හා අසමසම කරුණාන්විත යැයි (දේවදූත මුහම්මද්, ජනයාට) පවසනු. (දේවදූත මුහම්මද්,) දෙවිඳාණන්ට ද උන්වහන්සේගේ දූතයාට ද කීකරු වන්නැයි පවසනු. ඉන්පසුව ඔවුහු පිටුපෑවෙහු නම්, නියතවශයෙන් ම අල්ලාහ් ප‍්‍රතික්ෂේප කරන්නන්ව ඇළුම් නො කරන්නේය}[උතුම් කුරානයේ 05 : 31 - 32 වැකියේ අදහස]

දේවදූත මුහම්මදාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය: «මාගේ ආත්මය කවරෙකු සතුව තිබේ ද උන්වහන්සේ මත දිවුරා කියමි... මෙම සමාජයේ යුදෙව්වෙකු හෝ කිතුණුවෙකු මා රැගෙන ආ දහම පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව එය විශ්වාස නොකර ප‍්‍රතික්ෂේප කළේ නම් ඔහු නිරා වැසියන්ගෙන් කෙනෙකු වන්නේය»
[මූලාශ‍්‍රය : මුස්ලිම්]

දේව¥ත මුහම්මදාණන් අනුගමනය කිරීම වෙනුවට එතුමාණන් අනුගමනය කළ අනුගාමිකයින් අනුගමනය කරන සිරිතක් වත්මන් නූගත් ජනතාව විසින් සිදුකරනු ලැබේ. මෙම ක‍්‍රියාව දේව ප‍්‍රතික්ෂේපය කරා සමීප කරවන අතර ඉස්ලාමයෙන් ද බැහැර කරවන ක‍්‍රියාවන් කරා ගෙනයනු ලබන්නේය.

අවංක සිතින් දෙවිඳාණන් ඇළුම් නොකළේ නම් ඔහු දේව ප‍්‍රතික්ෂේපකයින්ගේ ගණයට ඇද වැටෙන්නේය.

10 කවරෙක් දෙවිඳාණන්ගේ දහම ප‍්‍රතික්ෂේප කර එම දහමෙහි සඳහන් යහ ක‍්‍රියාවන්හි ද නො නියැලෙන්නේ ද ඔහු ද ප‍්‍රතික්ෂේපයෙකු වන්නේය. මෙම දහමෙහි ක‍්‍රියාවන් කවරෙක් ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඔහු පිළිබඳ දෙවිඳාණන් තැකීමකට නො ගන්නේය. ඔහු දේවත්වය ප‍්‍රතික්ෂේප කරන්නෙකි. ඔහු ඉස්ලාමය කරා හෝ ඉස්ලාමය පහදාදීම කරා ආරාධනා ලැබීමෙන් අනතුරුව එය ප‍්‍රතික්ෂේප කළේ නම් ඔහු ඉස්ලාමයෙන් බැහැර වූවෙකි.

පාප කර්මයෙහි නොකඩවා නියැලෙන්නා, පරාජිතයා සහ බියවන්නා යන අය ඔවුන්ගේ කි‍්‍රයාවන්හි නොකඩවා නියැලෙන නිසා එම කි‍්‍රයාවන් ඔවුන් ඉස්ලාමයෙන් දුරස් කරන්නේය. ඔවුන් ඉස්ලාමය දැඩි ලෙස පිළිකුල් කරන අතර ඔවුන් එම දහම සත්‍ය කරනුයේ ඔවුන්ගේ කටින් පමණි. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {යමෙකු විශ්වාස කිරීමෙන් පසුව ඔහුගේ සිත විශ්වාසයෙහි අචලව තිබිය දී බල කරනු ලැබීම හේතු කොටගෙන ඔහු දෙවිඳාණන් ප‍්‍රතික්ෂේප කළේ නම්, (ඔහුට වරදක් නැත.) නමුත් කවරෙකුගේ සිත ප‍්‍රතික්ෂේපය සඳහා විවෘත වූයේ ද ඔවුනට අල්ලාහ්ගේ උදහස ය. තවද ඔවුනට දැඩි දඬුවම් ද ඇත}
[උතුම් කුරානයේ 16 : 106 වැකියේ අදහස]

කවරෙක් ප‍්‍රතික්ෂේපභාවය පිළිකුල් කිරීමෙන් අනතුරුව ද ඊට අදාල ක‍්‍රියාවන්හි නිරතවන්නේ නම් එම`ගින් ගම්‍ය වන්නේ ඔහු තවමත් ජීවත් වනුයේ දේව ප‍්‍රතික්ෂේපභාව තුළ බවය. එමෙන් ම කවරෙක් දේව විශ්වාසය තුළින් තම ආත්මය සන්සුන් කර මරණින් මතු දිවියෙහි ජය ගැනීමට ඉටා ගන්නේ ද ඔහු ජයගන්නේය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {දේව විශ්වාසවන්තයින් දේව විශ්වාසවන්තයින් ව මිස (සත්‍ය දහම) ප‍්‍රතික්ෂේප කරන්නවුන් ආරක්ෂකයින් ලෙස නොගත යුතුය}
[උතුම් කුරානයේ 3 : 28 වැකියේ කොටසක අදහස]

දැනුම පළතුරු ගසක් වැනි ය. එම ඵළයන්හි වර්ණය දැකුම් කලූ මෙන් ම රසවත් වේ. එය යහ ගතිගුණ වලට උපමාවක් වන්නේය. නූගත්කම වඳ ගසකට සමාන වන්නේය. එම ඵළයන්හි දැකුම් කලූ ගතියක් හෝ රසවත් බවක් නොතිබේ. එය අයහපත් ගතිගුණ වලට උපමාවක් වන්නේය.

Tags: